සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2025.08.20 වන දින 'Attn: The Alleged Victim' යනුවෙන් සඳහන් කර ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ශ්‍රී ලංකා පොලීසිය යැයි හැඟෙන ව්‍යාජ ලිපි ශීර්ෂයක් සහිත ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන බවයි.
මෙම ව්‍යාජ ලිපියෙහි ළමා හා කන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ පොලිස්පති කාර්යාලය, පොලිස් මූලස්ථානය යනුවෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම හා අධ්‍යක්‍ෂ ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය ලෙස ව්‍යාජ අත්සන් සහිත නිල මුද්‍රා යොදා ඇති බවටද නිරීක්ෂණය වී තිබෙනවා.
මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)