23 September 2025

logo

මොළය කන මාරයා | Colombo Times BLOG



පහුගිය දවසක ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මොළය කන ඇමීබා විශේෂයක් හඳුනාගෙන තිබෙනවා. එම ඇමීබා විශේෂය වන්නේ 'නේග්ලේරියා ෆවුලරි'. මෙම ඇමීබා විශේෂය නිසා ඇතිවන ආසාදනවල විශාල වැඩිවීමක් දක්නට ලැබෙනවා කියලා තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ විතරක් නෙමෙයි. මේ වෙනකොට වාර්තාවන මුළු රෝගීන් සංඛ්‍යාව 69ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ප්‍රාන්තය පුරා මරණ 19ක්ද වාර්තා වෙනවා. මොකද නේග්ලේරියා ෆවුලරි කියන්නේ වේගයෙන් ව්‍යාප්ත වෙන වෛරසයක්.

නේග්ලේරියා ෆවුලෙරි ව්‍යාප්ත වෙන්නේ මෙහෙමයි



නේග්ලේරියා ෆවුලෙරි කියන්නේ පොකුණු, ගංගා, මිරිදිය ජලාශවල දක්නට ලැබෙන ක්ෂුද්‍ර ජීවි විශේෂයක්. මොවුන් පෝෂණය වෙන්නේ බැක්ටීරියාවලින්. නේග්ලේරියා ෆවුලෙරි අඩංගු ජලය නාසය හරහා මිනිස් සිරුරට ඇතුළු වී ටිකෙන් ටික මාරාන්තික තත්වයට පත් වෙනවා. එතන ඉඳන් මේ නේග්ලේරියා ෆවුලෙරි මොළයට ගමන් කරන අතර ටිකෙන් ටික භයානක තත්වයට පත් වෙනවා.

ඒ කොහොම වුණත් හොඳම දේ තමයි මේ නේග්ලේරියා ෆවුලෙරි ඇමීබා විශේෂයට ලුණු වතුරේ ජීවත් වෙන්න බැරි එක.

නේග්ලේරියා ෆවුලෙරි ශරීරයට ඇතුළු වී ආසාදනය වූ විට ඇති වන රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා



- අධික උණ
- හිසරදය
- බෙල්ල තද වීම
- ඔක්කාරය
- වමනය
- ආලෝකයට සංවේදී බව
- කෝමා තත්වය
- ව්‍යාකූලත්වය

මේ සඳහා නියමිත එන්නතක් හෝ ඖෂධයක් තවමත් සොයාගෙන නැහැ. හැබැයි මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්



- විල්, පොකුණු, ගංගා සහ මිරිදිය ජලයේ පිහිනීමෙන් වැළකීම
- ජල ටැංකි නිසි ලෙස පිරිසිදු කර ක්ලෝරිනීකෘත කිරීම
- ඇමීබා ජීවත් වන නොගැඹුරු මිරිදිය ජලය ඇවිස්සීමෙන් වැළකීම

එක්සත් ජනපදය, පාකිස්ථානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, චෙක් ජනරජය, මෙක්සිකෝව, නවසීලන්තය, වෙනිසියුලාව, තායිලන්තය, බෙල්ජියම, නයිජීරියාව, එක්සත් රාජධානිය, කොස්ටාරිකාව, ඉරානය, නැම්බියා, පැපුවානිව්ගිනියා, දකුණු අප්‍රිකාව, මැඩගස්කරය, ස්පාඤ්ඤය සහ තායිවානය ඇතුළු රටවල් 39කින් නේග්ලේරියා ෆවුලෙරි රෝගීන් වාර්තා වෙනවා.

ඒ අනුව ලොව පුරා වාර්තා වී ඇති නේග්ලේරියා ෆවුලෙරි රෝගීන් ගණන 381ක්.