14 January 2026

logo

පලස්තීන ජනපතිට ඇමරිකාවෙන් කුඩම්මාගේ සැළකිලි



එක්සත් ජාතීන්ගේ 80වන රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා සහභාගීවීමට නියමිත පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස්ට වීසා ලබාදීම ඇමරිකාව ප්‍රතික්ෂේප කළ බවයි. 

කෙසේවෙතත් එම සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට ඔහුට හැකියාව ලබාදෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන තිබෙනවා. 

මෙම සමුළුවේදී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමටද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)