තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබාදීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීමට ඉදිරියේදී පොහොර ලබාදීමේදී QR කේතයක් ලබාදීමට සැලසුම් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කළා.
ඒ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
අමාත්‍යවරයා කියා සිටියේ මේ සඳහා කැබිනට් අනුමැතියද මේ වන විට ලබා ගෙන ඇති බවයි.
ඒ අනුව එහි පළමු අදියර මෙම මස 26වනදා මතුගම ප්‍රදේශයේදී ආරම්භ කිරීමට සැලසුම් කළ බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී ලබාදෙන රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරය සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)