23 September 2025

logo

ට්‍රම්ප්ගෙන් ඇෆ්ගනිස්ථානයට අනතුරු ඇඟවීමක්



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇෆ්ගනිස්ථානයට අනතුරු අඟවා තිබෙනවා.

ඒ බාග්‍රම් ගුවන් කඳවුරේ පාලනය යළි ඇමරිකාව වෙත ලබාදීමට ඇෆ්ගනිස්ථානය කටයුතු නොකරන්නේ නම් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වන බවටයි.

2001 වසරේ සැප්තැම්බර් 11වෙනිදා ඇමරිකාවට එල්ලවූ ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටි ඇමරිකානු සෙබලුන් භාවිතා කළ මෙම කඳවුර 2021 වසරේ එම සෙබලුන් ඉවත්ව යාමෙන් පසු තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගෙන තිබෙනවා.

(colombotimes.lk)