නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එය එළඹෙන අගෝස්තු 1 වෙනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මීට අමතරව බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ රියදුරන් 41 දෙනෙකු හඳුනාගෙන තිබුණා.
ඔවුන් අතරින් 19 දෙනෙකු බස් රථ රියදුරන් බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ සිදුවන රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම නිසා සිදුවන බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම රට තුළ වාර්තා වන රිය අනතුරු සංඛ්‍යාවේ ද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව සඳහන්.
(colombotimes.lk)