13 May 2026

logo

දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්



දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (13) පුත්තලම කාර්යාල දුම්රිය සහ අනෙකුත් සියලුම දුම්රියන් කොළඹ කොටුව සිට හලාවත දක්වා පමණක් ධාවනය කරන බවයි.

එමෙන්ම හෙට (14) උදෑසන එම දුම්රියන් හලාවත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,   

 

(colombotimes.lk)