12 May 2026

logo

මත්පැන් අලෙවිසැල් 717ක් වසා දැමීමට සැලසුම්



තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් සී. ජෝසප් විජේ එම ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැල් 717ක් වසා දැමීමට නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සති 02ක් ඇතුළත එම නියෝගය ක්‍රියාත්මක කරන ලෙසට දැනුම්දී තිබෙන බවයි.

මහජනතාවගේ යහපත සැළකිල්ලට ගනිමින් මෙසේ සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආගමික ස්ථාන, අධ්‍යාපන ආයතන සහ බස්නැවතුම්පොළවල සිට මීටර් 500ක් ඇතුළත පිහිටා ඇති මත්පැන් අලෙවිසැල් මෙසේ වසාදැමීමට පියවර ගනිමින් සිටින බවයි.     

(colombotimes.lk)