ඉන්ධන පරිභෝජනය අඩු කිරීම රජයේ ඉලක්කය බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම වැනි තීන්දු තීරණවලට පැමිණි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ මෙරට ඩීසල් ලීටරයක මිල රු.720ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
නමුත් රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රු.00ක මුදලක් වැය කරමින් රු.392ක මුදලකට ජනතාවට ලබාදීමට කටයුතු කිරීම තුළ ද සංස්ථාව පාඩු ලබමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ එය දීර්ඝ කාලීනව සිදු කළ නොහැකි බවයි.
(colombotimes.lk)
