13 May 2026

logo

සැහැල්ලු වාහන සඳහා වැලිපැන්න අන්තර් හුවමාරුව වැසෙයි



දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තරු හුවමාරුවේ කොළඹ දෙසට වන පිවිසුම සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දමා තිබෙනවා. 

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම හුවමාරුව ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
 
කෙසේ වෙතත් එම පිවිසුමෙන් කොළඹ දෙසට බර වාහන ධාවනය සහ මාතර දෙසට වාහන ගමනාගමනය සුපුරුදු පරිදි සිදු කරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා. 


(colombotimes.lk)