තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත් වූ තලපති විජේ එම ධූරයේ බලය ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා වන ප්‍රන්තයේ බහුතරය හිමි කර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (13) පැවති තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ඡන්ද 122ක බහුතර බලය දිනා ගැනීමට ඔහුට හැකි වූ බවයි.
එහිදී තලපති විජේට පක්ෂව ඡන්ද 144ක්, විපක්ෂව ඡන්ද 22ක් ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.
එමෙන්ම මන්ත්‍රීවරු 54ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිට තිබෙන බවයි වාර්තා වන්නේ.
ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී DMK සහ DMDK මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගිය අතර, PMK මන්ත්‍රීවරුන් 04දෙනෙක් සහ එක් BJP මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා.
(colombotimes.lk)
