අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාගම බටුවත්ත ප්‍රදේශයේදීයි.
බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
(colombotimes.lk)
