පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් සඳහන් කළේ මීට සති කිහිපයකට පෙර වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
එම කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකරනු ලබන වාහන මාර්ගයේ ඉඩඇති ස්ථානවල නවතා තැබිය යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)