colombotimes.lk
සිංහල | English

08 September 2024


අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව ඉහළට



දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් පිඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 34,099ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඉන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 17,073ක්.

එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 12,150 දෙනෙක් බලපෑමට ලක් වී ඇති අතර අර්ධ නිවාස හානි 938ක් ද පුර්ණ නිවාස හානි 3ක් ද වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.   

(colombotimes.lk)