අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 16වනදා සිට මේ දක්වා සිදු වී ඇති ආපදා මරණ 56ක් දක්වා ඉහළගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පුද්ගලයන් 21දෙනෙක් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් 12,313කට අයත් පුද්ගලයන් 43,991 පීඩාවට පත්වී සිටින බවයි.
නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බවද ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසනවා.
(colombotimes.lk)
