colombotimes.lk
සිංහල | English

02 July 2024

මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවයි



2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 1,000,000 වන සංචාරකයා ලෙස අයර්ලන්ත යුවළක් පැමිණ තිබෙනවා.

එම යුවළ පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ උත්සවයක් සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)