09 January 2026

logo

නුවන් තුෂාර හොඳම 10 අතරට




නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (17) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ නුවන් තුෂාර ස්ථාන 6ක් ඉදිරියට පැමිණෙමින් 6වන ස්ථානයට පත් වී තිබෙනවා.

මීට පෙර ඔහු රැඳී සිටියේ එහි 12වන ස්ථානයේයි.

එමෙන්ම නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දියාවේ වරුන් චක්‍රවර්ති සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ 17වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.




(COLOMBOTIMES..LK)