අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024 (2025) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඊයේ (31) සිට එළඹෙන මාර්තු මස 13 වනදා දක්වා අදාළ අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
(colombotimes.lk)