දිවයින පුරා පවතින අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ සිදු වූ නායයෑමක් හේතුවෙන් අද (14) අලුයම වසා දමා තිබූ ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මං තීරුවක් රථ වාහන ධාවනය සඳහා යළි විවෘත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පෙරවරුවේ මෙලෙස එක් මංතීරුවක් ගමනාගමනයට විවෘත කළ අතර වර්ෂාපතනය ඇදහැළුණ හොත් මෙම නායයෑමේ අවදානම් තත්ත්වය යළි ඇති විය හැකි බවයි.
එම නිසා විකල්ප මාර්ග භාවිතයට ගන්නා ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී - බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට ගමන් කිරීමට හැකියාව පවතිනවා.
වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් කිරීමේදී - වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙසට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.
(colombotimes.lk)