10 November 2025

logo

ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් පහළට



ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙස වාර්තා වී තිබෙනවා. 

මහ බැංකුව සඳහා කළේ මෙය 2025 සැප්තැම්බර් මාසය අවසානයේදී සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම ඩොලර් මිලියන 6,244 සමඟ සැසඳීමේදී 0.4%ක සුළු පහළයාමක් පෙන්නුම් කරන බවයි. 

මෙම පහළයාම සඳහා නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2025 ඔක්තෝබර් මාසය තුළදී ඩොලර් මිලියන 6,179 සිට ඩොලර් මිලියන 6,100ක් දක්වා 1.3%කින් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. 

කෙසේවෙතත් 2025 ඔක්තෝබර් මාසයේදී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට ඩොලර් මිලියන 80ක් දක්වා 36.6%ක කැපී පෙනෙන වර්ධනයක් සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

පසුගිය මාසයේදී ගෝලීය රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙලෙස මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ද ඉහළ ගොස් තිබෙනවා. 

(colombotimes.lk)