විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් ගත වූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (09) දිනයේ වැටලීම් දහසක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 1,284දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 21ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 715ක ප්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ ඊට අමතරව හෂීෂ්, ගංජා සහ මත්පෙති ඇතුළු තවත් මත්ද්‍රව්‍ය රැසක් සොයා ගත් බවයි.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 16දෙනෙක්ට රැඳවුම් නියෝග නිකුත් කර තිබෙනවා.
එමෙන්ම තවත් 15දෙනෙක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
'රටම එකට ජාතික මෙහෙයුම' ආරම්භ කළ ඔක්තෝබර් මස 30වනදා සිට මේ දක්වා සිදු කළ වැටලීම්වලින් පුද්ගලයන් 12,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
