2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් දහසක් යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින්.
එම කාර්යාංශයේ හෝ කාර්යාංශයේ ලියාපදිංචි පුහුණු ආයතනයක සාත්තු සේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ III සහතිකය ලබා ඇති හෝ හෙද වෘත්තියේ මාස 11ට නොඅඩු පළපුරුදු ඇති, වයස අවුරුදු 25- 45ත් අතර, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි, ඉංග්‍රීසි භාෂා හැකියාව ඇති කාර්යාංශය මඟින් පවත්වන ඉංග්‍රීසි පාඨමාලාව හදාරා ඇති පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කිරීමට හැකියාව පවතිනවා.
ඊශ්‍රායල් රජය වෙනුවෙන් එරට ජනගහණ හා සංක්‍රමණ සේවා අධිකාරිය (PIBA) හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව රජය මඟින් පමණක් මෙම රැකියා අවස්ථා ලබාදීමට නියමිතයි.
එමෙන්ම වෙනත් කිසිදු පාර්ශවයකට මුදල් හෝ ගමන්බලපත්‍ර ලබානොදෙන ලෙස කාර්යාංශය ජනතාව දැනුවත් කර තිබෙනවා.
(colombotimes.lk)
