මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (Online Safety Bill) පාර්ලිමේන්තුවේදී හෙට (23) සහ අනිද්දා (24) විවාදයට ගැනීමට නියමිතයි.
මේ අනුව පනත් කෙටුම්පත සම්මත කිරීම අනිද්දා (24) පස්වරුවේ සිදුකෙරෙනු ඇති.
මෙම පනත් කෙටුම්පත සලකා බැලෙන අවස්ථාවේදී සංශෝධන ගණනාවක් ඊට ඇතුළත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළා.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝ දුරට ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති.
මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක් අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය ලැබී තිබෙනවා.
මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී ලලිත් වර්ණකුමාර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22) රැස්වුණා.
මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීයී.
(colombotimes.lk)