23 October 2025

logo

Online වූ විදේශ ගමන් බලපත්‍ර සේවාවේ ගෙවීම් කටයුතු තවත් පහසු කරයි



විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට අදාළව, ගෙවුණු මාසයක කාලය තුල මෙම අයදුම්පත් 29,579 ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ලැබී තිබෙනවා.

මේ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා විසින් කියා සිටියා.

මෙලෙස විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ 2023 ජුනි15 වැනිදා ආරම්භ කළා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීමෙන් අයදුම්කරුට තම නම ලියාපදිංචි කිරීමේ හැකියාව පවතින බව සඳහන්.

එමෙන්ම අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකි බවයි.