14 October 2025

logo

ආබාධිත සිසුන්ටත් සරසවි අධ්‍යාපනයට අවස්ථා



ආබාධිත සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අදාළ ප්‍රතිපත්තියේ කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. 

විශ්වවිද්‍යාලවට සම්බන්ධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරු අතර පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවේදී කොමිෂන් සභාව ඒ බව සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගන්නා සිසුන් සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා වී තිබෙනවා. 

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ බාහිර උපාධි ලබාගන්නා උපාධිධාරීන් රැකියා වෙළඳපොළ තුළ ස්ථානගතවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවූ බවයි.

බාහිර උපාධිවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මෙන්ම ඒවායේ තත්ත්වය ගුණාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටද එහිදී සාකච්ඡා වී තිබෙනවා. 


(colombotimes.lk)