මුඛ පිළිකා රෝගය හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයන් තිදෙනෙක් මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක පවසනවා.
ඔහු කියා සිටියේ වසරකට 3,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් වාර්තා වන බවයි.
අදට (20) යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මුහුණ, මුඛ, හනු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මෙම අදහස් පළ කළා.
එමෙන්ම වෛද්‍ය ආනන්ද රත්නායක වැඩිදුරටත් කියා සිටියේ පුවක් පිළිකා කාරකයක් බවට මේ වන විට සාධනීයව ඔප්පු කර ඇති බවයි.
(colombotimes.lk)