31 May 2026

logo

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දින ගැන ඉඟියක්



2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 15වනදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම අවසන් අදියරේ පවතින බවයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 478,182ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

(colombotimes.lk)