03 May 2026

logo

තායිලන්ත හිටපු අගමැතිගේ සිර දඬුවම අඩු කෙරේ



තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ අට වසරක සිර දඬුවම වසරක් දක්වා අඩු කිරීමට තායිලන්ත රජු තීරණය කර තිබෙනවා.

වසර 15ක ස්වයං පිටුවහල් කාලයෙන් අනතුරුව පසුගිය මාසයේ හිටපු අගමැතිවරයා සිය රටට පැමිණ තිබුණා.

පසුව ඔහුගේ හෘදයාබාධය හේතුවෙන් රජයේ රෝහලක සුඛෝපභෝගී අංශයට මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තායිලන්ත රජු ලබාදුන් අර්ධ සමාව නිල රාජකීය ගැසට් පත්‍රය මගින් තහවුරු කර ඇති බව සඳහන්.
(colombotimes.lk)