PT-6 ගුවන් යානා කඩා වැටීමෙන් මේ වන විට නියමුවන් හය දෙනෙකු මිය ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මෙම ගුවන් යානා 1958 වසරේ නිෂ්පාදිත ඒවා වන අතර තවමත් පුහුණු කටයුතු සඳහා යොදා ගන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.
පුහුණු කටයුතු සඳහා භාවිතා කරන PT-6 ගුවන් යානා 1958 දී නිෂ්පාදනය කර ඇති අතර එන්ජින් 1961 දී නිෂ්පාදනය කර ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසුවා.
මෙම පැරණි ගුවන් යානා පුහුණු කටයුතු සඳහා යොදා ගැනීම අසාධාරණ සහ කනගාටුවට කරුණක් බව පැවසූ මන්ත්‍රීවරයා ඒවා පුහුණු කටයුතු සඳහා යොදා නොගෙන කෞතුකාගාරවල තබා ගත යුතු බවද කියා සිටියා.
(colombotimes.lk)