විදුලි බිල්පත් සංශෝධන ගාස්තු යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට (CEB), ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නියම කළා.
ඒ 2023 දෙසැම්බර් මාසයෙන් අවසන් වන වසර තුළ උපයාගත් හිතකර ජලවිදුලි ගබඩාව සහ ලාභය සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව 2024 ජනවාරි සිට මාර්තු දක්වා ලංවිම යොමු කළ අවසාන පරිශීලක සහ තොග සැපයුම් ගාස්තු යෝජනා 2024 ජනවාරි 16 වැනි දින මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා.
ඉන් අනතුරුව කොමිෂන් සභාව ලංවිමෙන් යම් යම් පැහැදිලි කිරීම් ඉල්ලා තිබුණද එම තොරතුරු තවමත් ලැබී නොමැති බවයි එම කොමිසම පැවසුවේ.
යෝජිත ගාස්තු ව්‍යුහය සහ ඒ ආශ්‍රිත පිරිවැය පිළිබඳව ශ්‍රී ලංකා විදුලිබල පනතේ (SLEA) 30(3) වගන්තිය යටතේ අවශ්‍ය පරිදි පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමට කොමිෂන් සභාව අපේක්ෂා කරනවා.
ගාස්තු සංශෝධනය කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම, සහතික කිරීම සඳහා හැකි ඉක්මනින් ක්‍රියාවලිය දියත් කිරීමට නියමිතයි.
මේ අතර 2024 සඳහා ලංවිම විසින් යෝජිත පුරෝකථන වියදම් සහ ලංවිම විසින් යෝජිත තීරුබදු ව්‍යුහය (3.34% අඩු කිරීම) පිළිබඳව තම අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා.
ඒ සඳහා සියලුම අදහස් 2024 පෙබරවාරි 12 හෝ ඊට පෙර විද්‍යුත් තැපෑල, ෆැක්ස් හෝ තැපෑලෙන් ලිඛිතව එවිය යුතු බව විදුලිබල මණ්ඩලය පවසනවා.
වාචික උපදේශන සැසියක් 2024 පෙබරවාරි 15 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජනතාවගේ දැනගැනීම සදහා ප්‍රසිද්ධ කර තිබෙනවා.
පහත Link එක හරහා පිවිසීමෙන් ඔබට එය ලබාගත හැකියි.