06 March 2025


පාකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට



පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (05) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ PNS ASLAT නෞකාව මීටර් 123ක දිගකින් සහ 243දෙනෙක්ගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමන්විත බවයි.

මෙම නෞකාව සංචාරය අවසන් කරමින් හෙට (06) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)