මේ වන විට වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම ප්‍රකාශ කළා.
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැතිවීම පිළිකා ඇතිවීමට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.
මහා අන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිතව මෙලෙස පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව ඇය වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)