අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව යම් තොරතුරක් දැනගැනීමට ලැබුණහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.
ඒ අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවකදීයි.
හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් මේ වන විට නීතියට අවනත නොවී සැඟවී සිටින බවයි.
(colombotimes.lk)