06 March 2025


මර්වින් සිල්වාගේ සිද්ධියට තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට



හිටපු අමාත්‍ය මර්වින් සිල්වාව අත්අඩංගුවට ගැනීමේ හේතුවට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා සමඟ අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව දැක්වෙන්නේ 03ක්  ලෙසයි.

බත්තරමුල්ලේ පිහිටි නිවසේදී ඊයේ (05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මර්වින් සිල්වා සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් අද (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(colombotimes.lk)