සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරා 05ක් යටතේ වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (05) පාර්ලිමේන්තුවේ පැවති සැසිවාරයට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, ද්විතීයික සහ තෘයිතික රෝහල් පද්ධතිය සංවර්ධනය කිරීම, අඛණ්ඩ සහ ගුණාත්මක සැපයුමක් සහතික කිරීම, පෝෂණ ප්‍රශ්නයට උත්තර සැපයීම සහ සෞඛ්‍ය ලෝකයට රැගෙන ගොස් විදේශ විනිමය උපයා ගැනීමට හැකි ආකාරයට සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමට පියවර ගන්නා බවයි.
(colombotimes.lk)