25 February 2026

logo

පාකිස්ථාන පරාජයෙන් ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු අලුත් වෙයි



2026 T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා.

ඒ සුපිරි 8දෙනාගේ තරග වටයේ දෙවන කාණ්ඩය යටතේ පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය කඩුලු 2කින් ජයග්‍රහණය කරමින්.

මේ සමඟින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිසහගත තත්වයක් හිමි වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වෙන නවසීලන්තයට එරෙහි තරගය සහ පාකිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2ම ජයග්‍රහණය කළහොත් ඔවුන් ප්‍රසාද ලකුණු 4ක් සමඟින් නියත වශයෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නියමිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම තරග 2න් එක් තරගයක් හෝ පරාජයට පත් වුවහොත් ඔවුන්ගේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අවසන් වනවා.

නවසීලන්ත කණ්ඩායම අද තරගය පරාජයට පත් වී එංගලන්තයට එරෙහි තරගය ජයග්‍රහණය කළත් ඔවුන්ට හිමි වන්නේ ප්‍රසාද ලකුණු 3ක් පමණයි.

එමෙන්ම පාකිස්ථාන කණ්ඩායම ඉතිරිව තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරගය පමණක් වන අතර ඔවුන් එම තරගය පරාජයට පත් වුවහොත් ඔවුන්ට හිමි වන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 1ක්.



(colombotimes.lk)