01 February 2026

logo

ඉන්දු - පාකිස්ථාන සටන ගැන පාකිස්ථානයෙන් නිවේදනයක්



ඉන්දියාවට එරෙහි T20 ලෝක කුසලාන තරගය වර්ජනය කරන බව පාකිස්ථාන රජය  නිවේදනය කර තිබෙනවා.

මෙවට T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 07වනදා ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය පෙබරවාරි 15වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

පාකිස්ථාන රජයේ නිල X ගිණුමෙන් නිකුත් කරන ලද සටහනක සඳහන් වන්නේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට යාමට පකිස්තාන කණ්ඩායමට රජය අවසර දී ඇති බවයි.

කෙසේ වෙතත් එහි සඳහන් වන්නේ ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයේදී පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම පිටියට නොයන බවයි.

එම තීරණයට හේතුවක් ප්‍රකාශයේ සඳහන් කර නොමැති වීමද විශේෂත්වයක්.


(colombotimes.lk)