2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (07) කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.
එම තරගාවලියේ සමාරම්භක තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වූ අතර පකිස්ථාන නායක සල්මන් අලි අගා පළමුව පන්දුවට පහරදීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
එහිදී සියලුදෙනා දැවී ලකුණු 147ක් රැස් කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව පාකිස්ථානයට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 148ක ඉලක්කයක් හිමිවනවා.
(colombotimes.lk)
