පලස්තීනයේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වන Quds News Networkහි ෆේස්බුක් ගිණුම මකා දැමීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන කුරීරු යුද්ධය සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීම ඊට හේතුව වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් Quds News Network සිය X සමාජ මාධ්‍යයෙහි සටහනක් ද තැබීමට කටයුතු කර තිබුණා.
ඒ අනුව Quds News Network හි අරාබි සහ ඉංග්‍රීසි ෆේස්බුක් පිටු ඉවත් කර ඇති බව සඳහන්.
එම Facebook පිටුව සමඟ Followers ලා මිලියන 10ක් පමණ එක්ව සිටියා.
මිලියන 2.3ක පලස්තීන ජනතාවක් වෙසෙන මධ්‍යධරණී මුහුදේ වටලනු ලැබූ ප්‍රදේශයක් වන ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල ප්‍රහාරවලින් 2,260කට වැඩි පිරිසක් මිය ගොස් තවත් දහස් ගණනක් මේවනබ විට තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.
(colombotimes.lk)