පසුගිය මාර්තු මස 31 වනදා සිට අත්හිටුවීමට ලක් වූ පරාටේ නීතිය ක්‍රියාත්මකවීම යළි දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගෙන තිබෙන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාර්තු 31 දක්වා අත්හිටුවන ලද පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර රුපියල් මිලියන 25 -50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා සහ රුපියල් මිලියන 50 ඉක්මවන ණය ලබාගෙන ඇති පුද්ගලයන් සඳහා 2025 ජුනි 30 දක්වා අත්හිටුවීම දීර්ඝ කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
(colombotimes.lk)