31 March 2025


පාර්ලිමේන්තුව අද රැස්වෙයි



පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවලගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ඒ පිළිබඳ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බවයි.
 
ඉන් පසුව හෙට (04) පස්වරු 5.00ට අදාළ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුව අද සිට 6වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම 2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)