13 December 2025

logo

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත අල්ලස් කොමිසමට



පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. 

ඒ ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි. 

පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස කැඳවා තිබෙනවා. 

අද පෙරවරු 9.00ට පමණ ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ පැය 2ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුව පිටව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)