රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් දීමනාවක් එලෙස ලබාදෙන බවයි.
එය රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමෙන් ගෙවන උත්සව අත්තිකාරම් හෝ වෙනත් අත්තිකාරම්වලට අදාළ නොවන බවද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.
2026 වසරේ ජනවාරි 01වනදා සිට පෙබරවාරි 28වනදා දක්වා ගෙවීම් සිදු කිරීමට හැකියාව පවතිනවා.
එමෙන්ම සමාන මාසික කොටස් 10කින් වර්ෂයකට 8% බැගින් වූ පොලියක් සහිතව එය අය කරගත යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.
(colombotimes.lk)
