12 February 2025


උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් වැසෙයි



මහව සහ අනුරාධපුර අතර උතුරු දුම්රිය මාර්ගය අද (07) දිනයේ සිට තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළේ, මහව සහ අනුරාධපුරය අතර මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මාස 06ක කාලයකට වසා තැබෙන බවයි.

ඒ අනුව කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා පමණක් අද දිනයේ සිට දුම්රිය ධාවනය සිදු කරන බව එන්.ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළා.
(colombotimes.lk)