colombotimes.lk
සිංහල | English

28 April 2024

මැතිවරණ වියදම් නියාමනය ගැන පක්ෂ දැනුවත් කෙරේ



මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ අද (27) සහ මාර්තු 6 යන දිනවල දී අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් මෙම පනත සම්මත වීමෙන් පසු එක් මැතිවරණයක් හෝ පවත්වා නොමැති බවයි සඳහන් වන්නේ.

මෙහිදී පක්ෂ නියෝජනය කරමින් රංජිත් මද්දුම බණ්ඩාර, සිසිර ජයකොඩි, උවිඳු විජේවීර ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගි වුණා.

(colombotimes.lk)