26 January 2026

logo

මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළෙයි - 15දෙනෙක් ජීවිතක්ෂයට



පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරින් පුද්ගලයන් 15දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මගීන් 350කට අධික පිරිසක් රැගත් MV TRISHA KERSTIN 3 නම් යාත්‍රාවක් මෙලෙස අනතුරට පත්වී තිබෙනවා.

යාත්‍රාවේ සිටි පුද්ගලයන් 316දෙනෙක් බේරාගෙන ඇති අතර අතුරුදන් වූවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)