15 July 2025

logo

පැතුම්ට විවේකයක් - අවිෂ්කට කැඳවීමක්



බංගලාදේශය සමග එළඹෙන මාර්තු මස 4 වැනිදා පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරගාවලිය පැතුම් නිස්සංකට අහිමි වී තිබෙනවා.

ඒ, ඇෆ්ගනිස්ථානය සමග පැවති T20 තුන්වන තරගය අතරතුරදී ආබාධයකට ලක් වීම හේතුවෙන්.

ඔහු වෙනුවට ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අවිශ්ක ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.

ඒ අනුව 20 - 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2 කට එක්වීමේ අපේක්ෂාවෙන් හෙට රාත්‍රියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි.
(colombotimes.lk)