රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීමේ ලබාදීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් සමඟ ඇතිකරගත් එකඟතා කඩකළ බව පවසමින් ඔවුන් මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු අඩපන වූ අතර රෝගීන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
කෙසේවෙතත් වර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ප්‍රකාශයට පත්කරන ලද පත්වීම් ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුවට විසඳුමක් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)
