සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කර තිබෙනවා.
එම සාම පාගමන වෙනුවෙන් 'ආලෝකා' නම් සුනඛයා ද ආරක්ෂිතව මෙරටට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ''Walk For Peace' සාම පාගමන වැඩසටහන අද (21) සිට 28වනදා දක්වා ශ්‍රී ලංකාවේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුරයක් ද සමඟ මෙම පාගමනේ වැඩමවීමට නියමිතයි.
(colombotimes.lk)
