ඉදිරි මාස එකහමාර තුළ විදේශ ගත සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ අවස්ථාවේදීයි.
එමෙන්ම මෙම දිනවල ඊට අදාළ නීතිමය තත්ත්වයන් සකස් කරමින් තිබෙන බවත් දැනට ආර්ථිකයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් අවසන් වී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වූ පසුව සමාජ ආරක්ෂණ ක්‍රමයක් ද ඇති කරන අතර ඉදිරි වසර තුන ඇතුළත රට යහපත් තත්ත්වයට පත් කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)